Home
සිංහල ලිපි
ගොසිප්
ජීවිතය
සෞඛය
රූපලාවන්‍ය
ලිංගික අධ්‍යාපනය
ජෝතිෂ්‍යය ලිපි
ඉහුම් පිහුම්
ලග්න පලාපල
වෙනත් පිටු
වීඩියෝ
රූපවාහිනී නාලිකා - සජීවී
Health
නිරෝගි දිවියකට දිනපතා කිරි හෝ කිරි ආහාරයක් ගැනීම යෝග්‍යයයි
කිරි, සියලුම වයස් කාණ්ඩවලට අයත් වූවන් සඳහා සුදුසු වූ, කාබෝහයිඩ්රේට (ලැක්ටොස්) මේද, ප්‍රෝටීන, විටමින් හා ඛනිජ ලවණ අඩංගු සම්පූර්ණ ආහාරයකි. මාස 6ට අඩු දරුවන් සඳහා මව්කිරි අනිවාර්ය අතර, අනෙකුත් කිරි හා කිරි නිෂ්පාදන මෙම වයස් කාණ්ඩය සඳහා සුදුසු නොවේ.
ළමුන් හා යෞවන අවධියේ පසුවන අය සඳහා කිරි හා කිරි නිෂ්පාදන පරිභෝජනයට ගැනීම වැදගත් වන අතර, ඔවුන්ගේ දත් හා අස්ථි වර්ධනය සඳහා මෙය අත්‍යවශ්‍ය වේ. මෙම අවධියේ සිදුවන සීඝ්‍ර වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය පෝෂක වන කැල්සියම් හා පොස්පරස් කිරිවල බහුල අතර, පැණි බීම වෙනුවට කිරි බීම සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.
කිරිවල අඩංගු පෝෂක
විටමින්
කිරිවල සැලකිය යුතු ප්‍රමාණයක් විටමින් බී සංකීර්ණයට අයත් විටමින් අඩංගු වේ. විශේෂයෙන් කිරිවල අඩංගු බී 12 විටමිනය ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම රතු රුධිරාණු නිෂ්පාදනයට ද වැදගත් වේ.
සම්පූර්ණ යොදය සහිත කිරි, විටමින් ඒ වලින් පොහොසත් අතර, මේද රහිත හෝ අඩු මේද කිරිවල විටමින් ඒ අන්තර්ගතය ඉතා අල්පය. මේද රහිත හෝ අඩු මේද කිරිවල මේදයේ දියවන විටමින් අන්තර්ගතය. ඉතා අඩු වුවත් නැවත එකතු කිරීම හෝ බලකරණය තුළින් මෙම විටමින් නැවත ආහාරයට එකතු කළ හැකිය.
ඛනිජ ලවණ
කැල්සියම් හා පොස්පරස් බහුල ආහාරයක් වන කිරි, අස්ථි සහ දත් වර්ධනයට වැදගත් වේ. කිරිවල අඩංගු කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ. එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය හා මේද රහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය එක සමානය. ජීවිතයේ පසු කාලයේදී වැළඳිය හැකි ඔස්ටියෝපොරෝසිස් නැමැති අස්ථි තුනී වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා දිනපතා කිරි හෝ කිරි ආහාර පරිභෝජනයට ගැනීම යෝග්‍යය.
මේදය
දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීම සඳහා කිරිවල අඩංගු මේදය දායක වෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිවල සංතෘප්ත මේදය බහුලය. එහෙත් මේද රහිත කිරිවල මේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, අඩු මේද සහිත කිරිවල මේදය හරි අඩකටත් වඩා අඩුවෙන් අඩංගු වේ. මේද රහිත කිරි වැඩිහිටියන්ට, අධි බරැති දරුවන්ට හා රුධිරවාහිණී අවහිරතා රෝග ඇති අයට වඩා යෝග්‍ය වේ. එයට හේතුව වන්නේ කිරිවල ඇති මේදය රුධිරවාහිණීවල තැන්පත් වීමයි. මේදය අඩු කිරිවල අඩංගු ශක්ති ප්‍රමාණය, අත්‍යවශ්‍ය මේද අම්ල හා මේදයේ දියවන විටමින් වර්ග අඩු බැවින් කිරිපිටි නිර්දේශ කරන අවස්ථාවලදී, අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා මේද රහිත කිරි භාවිතය සුදුසු නොවේ.
සීනි
කිරිවල අඩංගු සීනි “ලැක්ටෝස්” ලෙස නම් කරයි. කිරිවල අඩංගු ලැක්ටෝස් එදිනෙදා භාවිතයට ගැනෙන සුදු හා දුඹුරු සීනි මෙන් දත් දිරායාම කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකරයි.
කිරි ආහාර
මුදවපු කිරි
මුදවපු කිරි හා යෝගට් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන කිරි ආහාර වේ. යෝගට් හා මුදවපු කිරි නිෂ්පාදනයේදී කිරි පැසවීමකට ලක් කරයි. එමඟින් එහි විටමින් බී සංයුතිය ඉහළ යිය. මුදවපු කිරි හා යෝගට්වල ඇති ඉහළ ප්‍රෝටීන් සංයුතිය, එහි ඇති කැල්සියම් ශරීරයට අවශෝෂණය කිරීම කාර්යක්ෂම කරයි. මී කිරි මේදයෙන් ඉහළය. එබැවින් එළකිරිවලින් සාදන ලද මුදවපු කිරිවලට වඩා මී කිරිවලින් සාදන ලද මුදවපු කිරි හොඳින් ඝන වේ.
යෝගට්
යෝගට් නිෂ්පාදනයට යොදා ගන්නා බැක්ටීරියාවන් මිනිසාට සෞඛ්‍යමය හිතකර ප්රතිලාභ ලබා දෙයි. සමහර යෝගට් වර්ග නිෂ්පාදනයේදී හිතකර බැක්ටීරියා (ප්‍රෝබයෝටික්ස්) වර්ග එකතු කරයි. එය ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට උදව් කරයි.
චීස්
චීස්, කිරි මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. එහෙත් චීස්වල සංතෘප්ත මේදය සහ එකතු කරන ලද ලුණු ඉහළ මට්ටමක පවතී. එම නිසා සම්පූර්ණ යොදය අඩංගු චීස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.
ඔස්ටියෝපොරෝසිස්
දීර්ඝ කාලයක සිට අස්ථි තුනී වීම සහ අස්ථි ඝනත්වය අඩු වීම නිසා අස්ථි බිඳී යාමේ තත්ත්වය ඔස්ටියෝපොරෝසිස් නමින් හඳුන්වයි. කුඩා කල සිට කිරි හා කිරි ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකිය.
ලැක්ටෝස් අසාත්මිකතාව
කිරි විශාල ප්‍රමාණයක් (කිරි මිලිලීටර් 500 හෝ ඊට වැඩි ප්‍රමාණයක්) එකවර පානය කිරීම නිසා පාචනය, බඩ පිපුම වැනි උදරයේ අසාත්මිකතාවයන් සමහර පුද්ගලයින්ට ඇතිවිය හැක. මෙය ලැක්ටෝස් අසාත්මිකතාව ලෙස හඳුන්වයි. එවැනි පුද්ගලයින්, කිරි භාවිතයේදී එය ස්වල්ප ප්‍රමාණයක් (වීදුරු 1/4) බැගින් මුලින් ගෙන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිකළ යුතුය. මුදවපු කිරි හා යෝගට්වල අඩංගු ලැක්ටෝස් පැසවීමේදී ලැක්ටික් අම්ලය බවට පත් වේ. එම නිසා ලැක්ටෝස් අසාත්මිකතාව ඇති අයට මෙවැනි ආහාර වඩා සුදුසුය. ආහාර වේලකින් පසු කිරි ස්වල්ප ප්‍රමාණයක් පානය කිරීම හෝ යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගැනීම මඟින් මෙම තත්ත්වය පාලනය කරගත හැක. තවද කිරිවල අඩංගු ප්‍රෝටීන සඳහා අසාත්මිකතාව දක්වන අයට සෝයා කිරි යෝග්‍ය වේ.
අප විසින් දිනකට පරිභෝජනය කළ යුතු කිරි ප්‍රමාණය
නැවුම් කිරි පීරිසි කෝප්ප 1 / වීදුරු 1ක් (මිලි ලීටර් 200)
මුදවපු කිරි පීරිසි කෝප්ප 1ක් (මිලි ලීටර් 100) හෝ යෝගට් 1ක්
පිටි කිරි මේස හැඳි 2ක් යොදා සාදන ලද කිරි වීදුරු 1ක්
ඉහත සඳහන් කිරි හෝ කිරි ආහාරවලින් 1ක් හෝ 2ක් දිනපතා ගැනීම ඕනෑම අයෙකුට සුදුසු වේ. එහෙත් ළමුන්, යොවුන් වියේ පසු වන්නන්, ගර්භණී හා කිරි දෙන මව්වරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය ඉහළ බැවින්, කිරි හෝ කිරි ආහාර දෙකක් දිනපතා ගැනීම සුදුසු වේ.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දේශනයක් ඇසුරෙනි
Wmqgd .ekSu
wdfrda.Hd
mqj;a m; weiqfrks
Related
Health
නිරෝගී දරුවෙකු යනු කායිකවත් මානසිකවත් නිසි ලෙස පෝෂණය වූ දරුවෙකි. ඒ නිසාම දරුවෙකුගේ කායික වර්ධනය වෙනුවෙන් මව්වර
Health
අතීතයේ අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත් බොහෝ ධාන්‍යය වර්ග අතරින් කොල්ලු වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. දහසකුත්
Health
අම්ම කෙනෙක් වෙනවා කියන්නේ මේ ලෝකේ තියෙන සංකීර්ණම ක්‍රියාවන්ගෙන් එකක්. කුමාරතුංග මුනිදාසයන් මව යන්නට “මවන්නා” ල
Health
ලස්සන කියද්දීම හැමෝම හිතන්නේ මූණ සුදු කර ගන්න එක තමයි ඉතින් ලස්සන කියන්නේ කියලා. ඒත් සුදු මුණ දිහා බලලා කකුල්
Health
මතකය යනු මුළු ජීවිතයටම වැදගත් වන අමතක කළ නොහැකි ක්‍රියාවලියකි. සමහර විට අපට යම් දෙයක් මතක තබාගැනීමට අපහසු වීම
Health
අපිට ඉතාමත් වැදගත් දේවල් ගැන කියන විට කතාවට කියන්නෙ ඇස්දෙක වාගේ රැකගන්න කියලායි. දියවැඩියා රෝගින් සම්බන්ධයෙන්
Health
තරුණ පිරිස අතර වැඩියෙන් දකින්න ලැබෙන ලජ්ජාවට පත් කරන හමේ රෝගයකි, අළුහම්. එය අද සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආ
Health
වතුර කියන්නේ අපේ මිතුරෙක්. අපිව නිරෝගිව තියන්න වැඩිපුරම අපිට උදවු වෙන්නේ වතුර.නීරෝගීව සිටීමට වගේම ශරීරයේ බර
Health
උදර ආශ්රිත මේද තට්ටු නිසා කරදරයට පත්වන පිරිසට මෙය ඉතා වැදගත් වට්ටෝරුවකි. මෙම වට්ටෝරුව උදරය ආශ්‍රිතව විශේෂයෙන්
Health
ඔබට දරු ඵල නැතුව සිතින් දුක්වුනාද? එහෙනම් අදම වරකා සහ වැල කන්න පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස වර්තමානයේ බොහෝදෙ
Health
ලස්සන සිරුරක් තිබෙන, ලස්සන හමක් සහ පෙනුමත් තිබෙන සමහර කාන්තාවන් බෙල්ලට තදවෙන්න ඇඳුම් ඇඳෙගෙන යන්නේ එක්කෝ ඒ තමන්
Health
සමහර කාර්යාලවලදි, මග තොටදි ඔබේ යාළු මිත්‍රයන් ඔබට කියනවා ඇති ‘ආ දැන් බඩ එහෙම දාලා ඇවිත් තියෙන්නේ..කෑම හොඳයි වග
Health
මාතෘකාව කියවනකොටම මේ වෙනකොට තේරෙන්න ඕන මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඇත්ත කතන්දරේ තමයි විසි එක් වෙනි සියවස
Health
ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවි
Health
සමාජයේ වයස්ගත ජනගහනය අතර සුලබ රෝගී තත්ත්වයකි අංශභාගය. අංශභාග රෝගය ඇතිවීමට හේතු කිහිපයක්ම බලපාන අතර ඒවායින් ස
Health
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි
SexEducation
අතිශයින්ම කාන්තාවන්ට පමණයි - 01 කොටස
SexEducation
කන්‍යා පටලය කියන්නේ මොකද්ද ?
iranama
සාර්ථක විවාහ ජිවිතයකට බලපාන යෝනි පොරොන්දම
SexEducation
කෝමාරිකා ! පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙත
SexEducation
ලිංගික සැප වැඩි වේලාවක් ලබාදෙන බෙහෙත් ගැන ඇත්ත නැත්ත
SexEducation
පොස්ටිනෝර් 2 ගැන දැනුවත් විය යුතු කරුණු 6ක්.
SexEducation
මාසෙන් මාසෙට ලෙඩේ කචල් නම් මෙන්න බෙහෙත්
4 Most Popular News
♥ කන්‍ය පටලය ගැන කොල්ලෝ හිතාගෙන ඉන්න විකාර මත...
♥ ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි...
♥ අංශභාගය රෝගය ගැන ඔබත් දැනගන්න.මේ රෝගය ඔබටත් හැදෙන්න කලින් මේ දේවල් කරන්න....
♥ පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්...
♥ හැමදාම වෙරළු ගෙඩි 15 බැගින් කන්න...
♥ කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව…....
♥ පිළිකාවක් වේලාසනින්ම හදුනා ගන්නේ මෙහෙමයි වටිනවානම් SHARE කරලා ජීවිතයක් රැකගන්න...
♥ දරුපල නැති අම්මලාට දරුවන් ලබන්න 100% සාර්ථක ඉපැරණි රහස් ඛෙහෙත් වට්ටෝරුවක්...
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health-4483.html" title="sinhala-articles-
සිනි-වැඩිද-සිනි-අඩුද-දොස්තර-මහත්තයා-ලියලා-දෙන-පරික්ෂා-ගැන-දැනුවත්ද-Health">
♥
සිනි වැඩිද? සිනි අඩුද? දොස්තර මහත්තයා ලියලා දෙන පරික්ෂා ගැන දැනුවත්ද?
...
♥ වේගයෙන් බර වැඩි වෙන්නෙ අැයි කියල දන්නවද?...
♥ කණ්ණාඩියෙන් බලා මුඛ පිළිකා හදුනාගමු !...
♥ මත්පැන් නිසා අක්මාව විනාශ වන්නේ මෙහෙමයි...
SexEducation
SEX කරනකොට කෙල්ලෙක් අකමැතිම දේවල් මෙන්න.
SexEducation
වැඩි වේලාවක් ස්වයං වින්දනයේ යෙදීමට උපරිම සතුටක් ලැබීමට මේ ක්‍රම 4 අනුගමනය කරන්න
SexEducation
උපරිම වින්දනයකට මෙමෙ මුඛ සංසර්ග ඉරියවු අත්හද බලන්න.පින්තුර සහිතයි.
SexEducation
බහුලම ලිංගික රෝග 5ක් හඳුනාගනිමු.
SexEducation
කාන්තා පියයුරු ඇල්ලීමෙන් කාන්තාවන්ට සහ පිරිමින්ට ඇති වාසි මෙන්න ඔබ පුදුම වෙයි